ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?
By Hashini
විදෙස් සෞඛ්‍ය බලධාරීහු පවසා සිටිනුයේ ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ආසියානු රටවල් කීපයක ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බවයි.
මෙම නව ‘කොවිඩ් 19’ වයිරසය වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ සිංගප්පූරුවේ සහ හොංකොංවල යැයි පැවසේ.
ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකින් සහ තායිලන්තයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.
මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය එල්.පී.8.1 යනුවෙන් නම් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි.