ග්‍රීසිය ගිනිදැල් වලින් වටවේ..(VIDEO)

By Piyumika Aug 12, 2024 07:35 AM GMT
Report

ග්‍රීසියේ ඇතන්ස් නගරයට උතුරින් දිගින් දිගටම පැතිර යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසක් නිවෙස්වලින් ඉවත්කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත .

කුඩා දරුවාගේ කෑගැසුම් ඇසී පැමිණි අසල්වාසීන්ට දකින්න ලැබුනු හද කම්පාකරවන සිදුවීම..

කුඩා දරුවාගේ කෑගැසුම් ඇසී පැමිණි අසල්වාසීන්ට දකින්න ලැබුනු හද කම්පාකරවන සිදුවීම..

එම ගිනිදැල් මීටර 25ක් තරම් ඉහළට පැතිරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

වර්ණවාස් නගරයේ නිවාස සහ දේපළ ගිනි ගනිමින් පවතින අතර, ප්‍රදේශය අතහැර ගමන් කිරීමට උත්සහ කළ රථවාහන 25ක පමණ සිරවී සිටි පිරිසක්ද මුදාගැනීමට ගිනි නිවන භටයින් සමත්වී ඇත .

බාල වයස්කාර පිරිමි ළමයකු පැහැරගෙන යමින් සිටි එකම පවුලේ කොස්තාපල් සොහොයුරන් දෙදෙනකු මාට්ටු..

බාල වයස්කාර පිරිමි ළමයකු පැහැරගෙන යමින් සිටි එකම පවුලේ කොස්තාපල් සොහොයුරන් දෙදෙනකු මාට්ටු..

වර්නාවාස් නගරයේ ඊයේ දහවල් ආරම්භ වූ ලැව්ගින්නෙන් රාත්‍රිය වනවිට වර්ග කිලෝමීටර් 100ක භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව සඳහන් වේ.

ග්‍රීසියේ මේ වනවිට පවතින අධික උෂ්ණත්වය සහ දැඩි සුළං තත්වය ගින්න පැතිර යාමට හේතුවී ඇත.