බාල වයස්කාර පිරිමි ළමයකු පැහැරගෙන යමින් සිටි එකම පවුලේ කොස්තාපල් සොහොයුරන් දෙදෙනකු මාට්ටු..

By Piyumika Aug 12, 2024 05:34 AM GMT
Report

දහසය හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන ‌යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පැවසීය .

ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර ..(VIDEO/PHOTO)

ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර ..(VIDEO/PHOTO)

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව ‌හෝමාගම ඒකකයේ සේවය කරන අයෙකු සහ මීගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඇඹිලිපිටියේ පල්ලේගම ප්‍රදේශයේ නිවසක පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර දරුවෙකු මෝටර් රථයකින් පැහැරගෙන යන බවට ඇඹිලිපිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මෝටර් රථය ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී නවතා පරික්ෂා කිරීමේදී ඒ තුළ පුද්ගලයන් සිව් දෙනකු සහ පැහැර ගැනීමට ලක් වූ දරුවා සිට ඇතැයි පොලිසිය පැවසීය .

තිදරු වයෝවෘද්ධ මවකගේ නිරුවත් මළසිරුර නිවසේදී හමුවේ ..

තිදරු වයෝවෘද්ධ මවකගේ නිරුවත් මළසිරුර නිවසේදී හමුවේ ..

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා පරකඩුව මෙන්නරපිටිය සහ පබ්බේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 හා 31 අතර පසුවන්නන්ය.

සිද්ධියට අදාළ විමර්ශන පොලිසිය මගින් සිදු කෙරේ.