රාජ්‍ය සේවකයන්ගෙ වැටුපෙන් 8% ක ප්‍රතිශතයක් විශ්‍රාම වැටුපකට කැපේ..
රාජ්‍ය සේවකයන් සිය මූලික වැටුපෙන් සියයට 6ක, 7ක දායකත්වයක් ලබාදෙනු ලබන විශ්‍රාම වැටුපක් තමයි වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප කියන්නේ.
මෙම විශ්‍රාම වැටුප ගෙවීම සඳහා රජය වසරකට රුපියල් බිලියන 65ක් පමණ වැය කරයි. සේවකයන්ගෙන් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වන වාර්ෂික දායකත්වය රුපියල් බිලියන 38ක් වෙයි.
මෙවර අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ගෙන් අය කරගනු ලබන මුදල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නොවන බව කරුණු අනාවරණය කළේය.
ඒ අනුව 2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩුකරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.
මෙම ගැලපීම මගින් වසරකට රුපියල් බිලියන 9ක් එකතු කරගැනීමට හැකි වෙන බව 2024 අයවැය කථාව සිදුකරමින් ජනාධිපතිවරයා අද (13) පැවසීය.