සුදු වෑන් භීතිකාව යළිත්? - කළු ඇදගෙන ඇවිත් දේවස්ථානය තුළදී තරුණයෙකුට කරපු හදියක්.
By Wayomi
සුදු වැන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය සඳහන් කරනවා.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.
මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙක් වන අතර රුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ, අනුව පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් සුදු පැහැති වැන් රථයකින් පැමිණ හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී එම තරුණයා ට පහරදී ඔහුව පැහැරගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම මේ වන විට සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශය හැරගොස් සිටින බවත් ඔවුන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් කළුතර උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.