වාචාල මිනිස්සු - හෝටලය ගැන කියද්දි ඩඩ්ලිත් කට අරියි
පසුගියදා ඩඩ්ලි සිරිසේන යන මහතාට අයත් හෝටලයක් අනවසර ආකාරයෙන් ඉදිකර ඇතැයි සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය විය. කෘෂිකර්ම ඇමති කේ.ඩී ලාල් කාන්ත මහතාත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර ඔහු ඒ ආකාරයෙන් නීති විරෝධී ලෙස හෝටලේ ඉදිකර ඇත්නම් වහා මේ ඉවත් කිරීමට දෙපාරක් නොසිතන බවද සඳහන් කළේය.
මේ සියලු දේ නිහඩව අසා සිටි ඩඩ්ලි තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුමට අරලිය හෝටලේ ඉඳන්ම ඒ සම්බන්ධයෙන් සටහනක් එකතු කර තිබුණේ පහත ආකාරයටයි.
“හිස් වාචාල මිනිසුන්ට කැමති ඕනෑම විදියකට ඔබව මනින්න ඉඩ දෙන්න. ඔවුන්ට ඔබ ගැන කටකතා නිර්මාණය කරන්න ඉඩ දී හැකිතාක් ඔවුන් ඉදිරියේ නිහඬ වෙන්න. යමක් සබුද්ධිකව තේරුම් ගැනීමට සුදානම් අය ඉදිරියේ පමණක් නොබියව ඔබ වෙනුවෙන් කතා කරන්න. ඕනෑම දෙයක් අසාර්ථක වූ පසු අත්නොහැර, සැළසුම වෙනස් කර නැවතත් ආරම්භ කරන්න. ඔබ සැමට සුබ ඉරිදාවක්. යහපත් සති අන්තයක්..!”
