ෂේප් එකේ ඇඟ බේර ගන්න හදන පුටින් උදව් ඉල්ලන් එන ඉරානෙට මොනවා වෙයිද?

Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් විසින් එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කිරීමෙන් පසුවත් මොස්කව් ටෙහෙරානයේ ගලවා ගැනීමට සෘජුවම ඉදිරියට පැමිණීම වෙනුවට පසෙකට වී සිටීමට හේතුව කුමක් දැයි පැහැදිලි කර ඇත.

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි

ඒ අනුව පුටින් කියා ඇත්තේ රුසියාව සහ ඉරානය දශක ගණනාවක සිට සමීප සබඳතා පවත්වා තිබුණද, මේ වන විටත් රුසියානු භාෂාව කතා කරන විශාල පිරිසක් ඊශ්‍රායලයේ ජීවත් වන නිසා ගැටුමේදී මධ්‍යස්ථව සිටීමට උත්සාහ කරන බවයි.

"පැරණි සෝවියට් සංගමයෙන් සහ රුසියානු සමූහාණ්ඩුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවක් ඊශ්‍රායලයේ වාසය කරන බව ඔබේ අවධානයට යොමු කිරීමට මම කැමතියි. එය අද රුසියානු භාෂාව කතා කරන රටක්. තවද, නිසැකවම, රුසියාවේ සමකාලීන ඉතිහාසයේ අපි මෙය සැමවිටම සැලකිල්ලට ගනිමු"යනුවෙන් ජනාධිපති පුටින් විසින් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය අතරතුරෙදී ප්‍රකාශ කර ඇත.

දරුවො නැති අම්මලාට මේක ගාණක් නෑ හරිනි වැඩ බැරි ටාසන් කෙනෙක් අපිලගෙ සාධු හරිනිට දෙසයි

දරුවො නැති අම්මලාට මේක ගාණක් නෑ හරිනි වැඩ බැරි ටාසන් කෙනෙක් අපිලගෙ සාධු හරිනිට දෙසයි

ඊට අමතරව විචාරකයින් විසින් රුසියාව සිය මිත්‍ර පාක්ෂිකයින්ට දක්වන පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට ද පුටින් විසින් මෙහිදී ප්‍රතිචාර ලබා දී තිබෙනවා.

ඒ අනුව අරාබි ජාතීන් සහ ඉස්ලාමීය රටවල් සමඟ රුසියාවේ සබඳතා දිගු කලක් මිත්‍රශීලීව පැවති බව පවසා ඇත.

එසේම රුසියාවේ ජනගහනයෙන් සියයට 15 ක් මුස්ලිම්වරුන් බව අවධාරණය කළ පුටින් රුසියාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) නිරීක්ෂකයෙකු බවත් කියා ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

පුටින් විසින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වන ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත එක්සත් ජනපදය කිලෝග්‍රෑම් 14,000 ක බංකර් - බස්ටර් බෝම්බ දමා ප්‍රහාර එල්ල කරමින් මිඩ්නයිට් හැමර් මෙහෙයුම සිදු කිරීමෙන් අනතුරුව මෙසේ අදහස් දැක්වූ බව සඳහන්.

එමෙන්ම මේ වන විටත් ටෙහෙරානයට සහය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව විලැඩිමීර් පුටින් හමුවීමට ඉරාන විදෙස් අමාත්‍යවරයා රුසියාවේ මොස්කව් වෙත ගොස් ඇති බව වාර්තා වේ.

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි