මතීෂ හෙට තරගය ගැන කියූ දේ...

By Parami Dissanayake Jun 11, 2024 02:16 PM GMT
Report

අද (11 වැනිදා) පස්වරු 7.30ට (රාත්‍රී තරගයක් ලෙසින්) හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට (12 වැනිදා) පෙරවරු 5.00ට සෙන්ට්‍රල් බ්‍රෝවාර්ඩ් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීමට නියමිත ය.

ඒ, 2024 හි ශ්‍රී ලංකාව මුහුණදෙන තෙවැනි තරගය ‍සත්කාරක ඇමරිකාවේ ෆ්ලොරීඩා හී වේලාවෙන් ය.

ඒ සමගින්ම මෙය ශ්‍රී ලංකාව සහ නේපාලය පන්දුවාර 20 ජාත්‍යන්තර පිටියේ දී මුණගැසෙන පළමු අවස්ථාව ලෙසින් ද ඉතිහාසයට එක්වනු ඇත.

හොරගොල්ලෙන් වෙඩි තැබීමක් ...

හොරගොල්ලෙන් වෙඩි තැබීමක් ...

මේ අතර හෙට පැවැත්වීමට නියමිත තරග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"අපි පුහුණු තරග දෙකේදි දැක්ක විදිහට විකට්ස් පොඩ්ඩක් ස්ලෝ. හොදට බෝලේ එන්නේ නෑ බැට් එකට. අපිට තේරුන විදිහට නම් ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න බැරි වෙයි. මං හිතන්නේ ලකුණු 150ක් 160ක් වගේ කරගන්න පුළුවන් වුනොත් අපිට ලේසියෙන් තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා."

යනුවෙනි.