ෆෝන් බලන්න බෑ.. නිදාගන්නත් බෑ.. අමුතු ඇඳක් ගැන දැනගමුද?

Report

ලෝකය දවසින් දවස ඉදිරියට යනවා. තාක්ෂණය, ජීවන රටාව, ආහාරපාන, විනෝදාස්වාදය හැම දෙයක්ම වෙනස් වෙමින් යනවා.

එහෙම ලෝකයක ලිංගිකත්වය (Sex) කියන දේ විතරක් එක තැනක රැඳී ඉන්නේ නැහැ.

කලකට කලින් Sex Toys ගැන කතා කළොත් අමුතුයි කියලා හිතුණු අපිට දැන් ඒවා ටිකක් හුරු වෙලා තියෙනවා. ඒ වගේම මෑතකං ඇහෙන අලුත්ම, ටිකක් අමුතුම යෙදුමක් තමයි Sex Bed හෝ Tantra Sofa.

බැලූ බැල්මට මේක සාමාන්‍ය ඇඳක් නෙවෙයි. පොතක් කියවන්න, ටීවී බලන්න, සාමාන්‍යයෙන් නිදාගන්න තැනක් වගේකුත් නෙවෙයි. එහෙනම් මේ ගෘහ භාණ්ඩය මිනිස්සු භාවිතා කරන්නේ මොකටද?

ෆෝන් බලන්න බෑ.. නිදාගන්නත් බෑ.. අමුතු ඇඳක් ගැන දැනගමුද? | What Is A Sex Bed Tantra Sofa Explained

විශේෂයෙන් Tantra Chair එක කාමසූත්‍රයේ විස්තර වෙලා තියෙන ලිංගික ඉරියව්වලින් ආභාෂය ලබාගෙන නිර්මාණය කළ එකක් ලෙස සැලකෙනවා. මේ ගෘහ භාණ්ඩවල ප්‍රධාන වාසිය තමයි එකවරම විවිධ කෝණ, උස, බෙල්ල ආධාරක සහ නම්‍යශීලී තත්ත්වයන් ලබාදීම. එකෙන් ලිංගික ඉරියව් ගණනාවක් ලේසියෙන්, සුවපහසුව ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා.

ලිංගික සුවතා විශේෂඥයින් පවසන පරිදි මේ ගෘහ භාණ්ඩ එකම ආකාරයේ පැරණි ක්‍රමවලින් ඔබ්බට යනවා. එකම ඉරියව් දෙකකින් එකම රටාවකින් ගලා යන ලිංගික ජීවිතයට නව රසයක්, නව අත්දැකීමක් එකතු කරනවා.

සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ:

  • වැඩිහිටියන්ගෙන් 83%කට ලිංගික මනඃකල්පිතයන් තිබෙනවා
  • කාමසූත්‍රයේ ඉරියව් 300කට වඩා තිබුණත් බොහෝ දෙනෙකුට ඒවා හීනයක් විතරයි
  • අපේ කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකුට සිරුරේ නම්‍යශීලී බව අඩුයි
  • උකුල්, දණහිස්, කොන්දේ වේදනා, ආතරයිටිස් වැනි තත්ත්වයන් නිසා ලිංගික ක්‍රියාකාරකම් අපහසුයි

ෆෝන් බලන්න බෑ.. නිදාගන්නත් බෑ.. අමුතු ඇඳක් ගැන දැනගමුද? | What Is A Sex Bed Tantra Sofa Explained

මේ හැම තත්ත්වයකදීම Sex Bed හෝ Tantra Sofa ආධාරකයක් ලෙස ක්‍රියා කරනවා. වයසට යද්දී ලිංගික ආශාව අඩු වෙනවා කියලා හිතන බොහෝ දෙනෙකුටත් මේවා ඉතා වැදගත් වෙනවා.

අපේ සංස්කෘතිය තුළ මේ දේවල් ගැන කතා කරන්න බැහැද?

අපේ බොහෝ ගෙවල්වල දරුවෝ, දෙමාපියන්, ආච්චි ආත්තලා එකට ජීවත් වෙනකොට ලිංගිකත්වය කලුවර කාමරයකට සීමා කරලා තියෙනවා. ඒ නිසා Sex Room හෝ Sex Bed ගැන සිතන්නත් බොහෝ දෙනෙකුට අපහසුයි. නමුත් ලෝකයේ දියුණු රටවල බොහෝ දෙනෙකු තමන්ගේ ගෙවල්වල වෙනම Sex Room පවා හදාගෙන ඉන්නවා.

ෆෝන් බලන්න බෑ.. නිදාගන්නත් බෑ.. අමුතු ඇඳක් ගැන දැනගමුද? | What Is A Sex Bed Tantra Sofa Explained

අපේ රටේත් දැන් මේ වෙනස ආරම්භ වෙලා තියෙනවා. කොළඹින් බැහැර ප්‍රධාන හෝටල් කිහිපයක ප්‍රධාන ඇඳට අමතරව Sex Bed හෝ Tantra Sofa එකක් සංචාරකයන්ට ලබාදෙන බව දැනටමත් වාර්තා වෙලා තියෙනවා.

ලිංගික ගෘහ භාණ්ඩ තියෙන්නේ ලිංගිකත්වයට "හරි" හෝ "වැරදි" කියලා තීන්දු කරන්න නෙවෙයි. ඒවා තියෙන්නේ සැබෑ සතුට, සමීපත්වය, සන්නිවේදනය සහ ආත්ම අභිමානය ඉහළ නංවන්න උපකාරී වෙන්න. ආදරය කරන අය අතර සැබෑ සන්නිවේදනයක් තිබුණොත්, මේ වගේ ගෘහ භාණ්ඩ එකතු වුණොත් බොහෝ සම්බන්ධතා තවත් මනරම් වෙන්න පුළුවන්. ඒක තමයි මේ කාලයේ ලෝකය යන දිශාව.

ඉක්මනට සුදු වෙන්න ශරීරයේ ග්ලූටතයෝන් වැඩි කර ගමුද?

ඉක්මනට සුදු වෙන්න ශරීරයේ ග්ලූටතයෝන් වැඩි කර ගමුද?