"දේශපාලන අත පෙවිම් අපේ ආණ්ඩුවේ නෑ" ..මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස වැඩ භාරගත් විජිත හේරත් මහතා ..

Report

මින් ඉදිරියට දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව මත පොලිස් නිළධාරින්ගේ උසස්වීම් ස්ථාන මාරු සිදුනොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (25) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඇමතිකම හම්බ උන ගමන් විජිත හේරත් කරපු දේ බලන්නකෝ ..

ඇමතිකම හම්බ උන ගමන් විජිත හේරත් කරපු දේ බලන්නකෝ ..

මෙරට ජනතාව ලබාදුන් ජන වරමට අනුව වගකීමකින් සහ බැඳීමකින් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවයි විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ.

පසුගිය කාලවකවානුව තුළ පොලීසිය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබු විශ්වාසය බිඳ වැටී ඇති බවත්, යළි විශ්වාසය ගොඩනඟා ගනිමින් ඉදිරි කටයුතු සිදුකරගෙන යාමට විශාල වගකීමක් පවතින බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

මෙහෙම අයට නම් අම්මලා කියන්න බෑ..ටික් ටොක් නිසා තමන්ගේම සිගිත්තියට කරලා තියන අපරාදයක්..

මෙහෙම අයට නම් අම්මලා කියන්න බෑ..ටික් ටොක් නිසා තමන්ගේම සිගිත්තියට කරලා තියන අපරාදයක්..

ඒ අනුව කිසිඳු දේශපාලන මැදිහත්වීම්වලින් තොරව හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව පොලීසියට කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන බවට විජිත හේරත් මහතා එහිදී සහතික වූවා.

එමෙන්ම දැනට විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන පාස්පෝර්ට් ගැටළුව කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා අවධාරණය කළේ.