බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩා කණ්ඩායම දිවයිනට - නිල තරග කාලසටහන මෙන්න

Report

ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියේය.

ගුවන් තොටුපළ වෙත පැමිණි කොදෙව් සංචාරක ක්‍රීඩකයන් ඇතුළු නියෝජිත පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සුවිශේෂී සංචාරයේදී දෙරටේ නැඟී එන කණ්ඩායම් අතර සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

කුසල්ගේ මෙන්ඩිස් නායකත්වයෙන් කිංග්ස්ටන් දෙවනත් කර ජයග්‍රහණයට සියල්ල සූදානම්

කුසල්ගේ මෙන්ඩිස් නායකත්වයෙන් කිංග්ස්ටන් දෙවනත් කර ජයග්‍රහණයට සියල්ල සූදානම්

ඒ අනුව නිල තරග කාලසටහන පහතින් ,

සිව්දින තරග– හම්බන්තොට පළමු

සිව්දින තරගය: ජූනි 08 සිට 11 දක්වා – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී .

දෙවැනි සිව්දින තරගය: ජූනි 15 සිට 18 දක්වා – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

එක්දින තරග – කොළඹ පළමු එක්දින තරගය: ජූනි 22 වැනිදා – කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. දෙවැනි එක්දින තරගය:

ජූනි 24 වැනිදා – කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තෙවැනි එක්දින තරගය: ජූනි 26 වැනිදා – කොළඹ NCC ක්‍රීඩාංගණයේදී.

කොළඹ කොටස් අනතුරේ - ගනුදෙනුකරුවන් කළඹමින් සියලු කොටස් මිල කඩන් වැටෙයි

කොළඹ කොටස් අනතුරේ - ගනුදෙනුකරුවන් කළඹමින් සියලු කොටස් මිල කඩන් වැටෙයි