විදුලිසැර වැදීමෙන් 20හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට බරපතලයි ..

Sri Lanka Police Mullaitivu Sri Lanka
By Piyumika Jun 27, 2024 02:35 AM GMT
Piyumika

Piyumika

Report

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට විදුලිසැර වැදීමකින් බරපතල පිලිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

අද දිවයින පුරා සියලු පාසල් වැසෙයි ද?..සියලු විස්තර මෙතනින් දැනගන්න..

අද දිවයින පුරා සියලු පාසල් වැසෙයි ද?..සියලු විස්තර මෙතනින් දැනගන්න..

පුදුකුඩිඉරිප්පු 10 වන පටුමගේ පිහිටි පෞද්ගලික මූල්‍ය අයතනයක ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඉදිකොට තිබූ ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට මෙලෙස අධිබලැති විදුලි රැහනකින් විදුලි සැර වැදී ඇතැයි සැක කරයි.

අදාල දෙවන මහල ආසන්නයෙන්ම අධිබලැති විදුලි රැහැන් ඇද ඇති අතර විදුලි සැර තරුණයින් දෙදෙනාට වැදුනු අකාරය පිළිබඳ මෙතෙක් අනාවරනය වී නෙමැත.

බලන්න මෙයාලා ඔයාලගේ වගාව අවටත් ඉන්නවද කියලා..එහෙනම් පැයකින් ඔයාට වගාව නැති වෙන්න පුලුවන්..

බලන්න මෙයාලා ඔයාලගේ වගාව අවටත් ඉන්නවද කියලා..එහෙනම් පැයකින් ඔයාට වගාව නැති වෙන්න පුලුවන්..

කෙසේ වෙතත් විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි තරුණයින් දෙදෙනා පුදුකුඉරිප්පු රෝහලට ඇතුලුත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකර සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ .

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුදුකුඉිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බවට පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.