කපිලගේ මරණයට අල්ලස් කොමිසම වග කියන්න ඕනි - සරත් වීරසේකර

Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වගකිව යුතු බව හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම සිදුවීමට වගකිව යුතු පාර්ශ්වයන් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ප්‍රශ්න කළ යුතු බවයි.

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න

කපිල චන්ද්‍රසේන මහතා මීට පෙර දින 54ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට දැඩි පීඩාවකට පත්ව සිටි බවත්, ඔහු ඇප මත නිදහස්ව සිටියදී නඩුව අවසන් වනතුරු යළිත් ඔහුව බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටීම මෙම මානසික බිඳවැටීමට සෘජුවම හේතු වූ බවත් වීරසේකර මහතා පෙන්වා දුන්නේය.

චන්ද්‍රසේන මහතා දැඩි මානසික අවපීඩනයකට ලක්ව මෙලෙස සියදිවි හානිකර ගැනීමට පෙළඹීම පිටුපස ඇති නීතිමය ක්‍රියාදාමයේ ස්වභාවය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නොකඩවා ඇදහැලෙන වර්ෂාපතනය සමග මේ ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක්

නොකඩවා ඇදහැලෙන වර්ෂාපතනය සමග මේ ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක්