සමාජ මාධ්‍ය කලඹපු විජේ හා රශ්මිකාගේ විවාහ ආරාධනා පත්‍රය

Report

ඉන්දියාවේ මෙන්ම මුළු ලෝකයේම ජනප්‍රිය නළු නිළියන් දෙපළක් විදිහට විජේ දේවරකොන්ඩා හා රශ්මිකා මන්දනා යුවල හදුන්වන්නට පුළුවන් .

ඔවුන්ගේ විවාහ මංගල්‍යය එළඹෙන පෙබරවාරි මාසේ 26 වෙනිදා සිදු වන්නට නියමිතව තිබෙන බව මේ වෙන කොට ඉන්දියානු කලා තොරතුරු මාධ්‍ය හා වෙබ් අඩවි වලින් වල සදහන් කරලා තියනවා.

වර්තමානය වනවිට ඔවුන්ගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍රය බව සදහන් වෙන සටහනකුත් මේ වන විට සමාජ මාධ්‍ය වල ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.

මෙලෙස බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වන ආරාධනා පත්‍රයේ සදහන් වනූයේ එළඹෙන පෙබරවාරි 26 වෙනිදා රශ්මිකාගේ හා විජේගේ පවුලේ අය සහභාගී වන කුඩා සහ සමීප උත්සවයකදී ඔවුන්ගේ විවාහ උත්සවය ගැනීමට සූදානම් වන බවයි.

සමාජ මාධ්‍ය කලඹපු විජේ හා රශ්මිකාගේ විවාහ ආරාධනා පත්‍රය | Wedding Invite Of Vijay Rashmika Viral

තවදුරටත් එහි සදහන් කරලා තියෙන්නේ මාර්තු 04 වෙනිදා හයිද්‍රාබාද්හිදී ඔවුන්ගේ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් විවාහ මංගල සාදය පැවැත්වෙන බවයි .

නමුත් ඔවුන් දෙදෙනා මේ වන විට කිසිදු මාධ්‍යක මේ සම්බන්ධව අදහස් දක්වලා නැහැ.

ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්තත් ඒ පිළිබදව කිසිදු මාධ්‍යක සදහන් කරලා තිබුණේ නැහැ.

සමාජ මාධ්‍ය කලඹපු විජේ හා රශ්මිකාගේ විවාහ ආරාධනා පත්‍රය | Wedding Invite Of Vijay Rashmika Viral

මේ ගැන මුලින්ම වාර්තා වෙන්නේ ඔවුන් දෙපළම රංගනයෙන් එක් උන ‘Geetha Govindam’ (2018) චිත්‍රපටය සමගයි. තවද 2019 'Dear Comrade' චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුරත්  මේ ප්‍රේමය ගැන ගොඩක් කතා බහට ළක් වුණා.

 පසුගිය අගෝස්තු නිවුයෝර්ක් වල තිබුන 43 වන ඉන්දියානු දින පා ගමන අතර තුර මේ දෙන්නව එකට ඉන්නව දැකගන්න ලැබුණු බවයි.

ප්‍රේක්ෂකයන් සදහන් කරන්නේ විජේ දේවරකොන්ඩා රංගනයෙන් දායක වුණ 'Arjun Reddy', 'Geetha Govindam' සහ 'Dear Comrade' වැනි චිත්‍රපට බොහෝ ජනප්‍රියත්වයකට පත් වුණා.

ඒ වගේම අතිශය දක්ෂ රංගන ශිල්පිනියක් වන රශ්මිකා මන්දනා තෙළිඟු, කන්නඩ, දෙමළ සහ හින්දි සිනමාපට හරහා ඉන්දීය සිනමාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන නිළියක් විදිහට හදුන්වන්න පුළුවන්.

සමාජ මාධ්‍ය කලඹපු විජේ හා රශ්මිකාගේ විවාහ ආරාධනා පත්‍රය | Wedding Invite Of Vijay Rashmika Viral

 ඒ වගේම ඇය රංගනයෙන් දායක වුණ අල්ලු අර්ජුන් සමඟ රඟපෑ 'Pushpa: The Rise' සිනමාපටයද බොහො ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා.

   බොලිවුඩ් නිර්මාණයන් වන 'Animal' සහ 'Chhaava' වැනි ප්‍රධාන පෙළේ නිර්මාණ සදහාද ඇය දායකත්වයක් දක්වා තිබුණා තවද ඇය රංගනයෙන් දායක වූ 'The Girlfriend' චිත්‍රපටයත් බොහෝ ජනප්‍රියත්වයට පත් උනා.

මේ දේවල් කොහොම වුණත් මේ විවාහය ගැන ප්‍රේක්ෂකයන්නම් ඉන්නේ ඉතාමත් උනන්දුවෙන් ආශාවෙන්. ඒ photose videos බලන්න ගොඩක් ආශාවෙන් නොඉවසිල්ලෙන් තමයි ඉන්නේ