පවතින තත්ත්වය සමඟ මුළු ලංකාවාසී සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - පැය 24ක් යනතුරු අවදානමක්
දිවයින වටා වන විශේෂිත මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදිසි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය මඟින් ප්‍රධාන වෙරළ තීරයන් දෙකකට ඔබ්බෙන් වන මුහුදු කලාපවල සංචරණය කිරීමේදී දැඩි ලෙස අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සුළඟේ වේගය මෙලෙස ක්ෂණිකව වර්ධනය වීමත් සමඟ අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමට වැඩි ඉඩකඩක් පවතී.
මේ හේතුවෙන්, මුහුදු යාමේදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.