කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

Department of Meteorology Weather Floods In Sri Lanka
By Wayomi Oct 15, 2024 08:07 AM GMT
Wayomi

Wayomi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

අද (15) දින සවස 04:00 ට නිකුත් කරන ලද එම නිවේදනය අනුව දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

   

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.   

..............................................UPDATE ..............................................................................................

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා වඩාත් සැලකිලිමත් වෙන ලෙස දැනුම් දී ඇත.

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (15) උදෑසන 05.30 පමණ වනවිට හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්ව මධ්‍ය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

එමෙන්ම එය ඉදිරි දින 2 තුළ පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇත.

උතුරු අක්ෂාංශ 07ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 90 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 60-70), සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය. පහත සිතියමේ "Warning"කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශයට ඔක්තෝබර් 17 දක්වා යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙනවා.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

හිතාගන්නවත් බැරි විදිහට දිවයින පුරා එක දිගට 60 - 60 පහළ බහින එලවලු මිල. - නව මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට දිවයින පුරා එක දිගට 60 - 60 පහළ බහින එලවලු මිල. - නව මිල ගණන් මෙන්න.