ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු ගැන ප්‍රබලයෙක් ගෙන් දැනුම්දීමක්..
මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කර සිටිනවා.
තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම පෙන්වා දෙනුලැබීය.
සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මහ බැංකුව වසරකට පමණ අවශ්‍ය වන මුදල් නෝට්ටු අච්චු ගසා ගබඩා කරගෙන තබාගෙන සිටිනා බවයි වීරසිංහ මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුරු දිසානායක මහතාගේ අත්සන සහිත මුදල් නෝට්ටු සංසරණය වන කාලයක් සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් තමන්ට ප්‍රකාශ කල නොහැකි බවද හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළා.