තද සුළං සමඟ කාලගුණයේ ප්‍රබල වෙනස්වීමක්..දැඩි අවධානයෙන් ඉන්න.

Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, අද (28) අලුයම 3.00ට නිකුත්කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බවයි.

පොහොට්ටු අපේක්ෂකයෙක් නෑ..ධම්මික පෙරේරා නම් නොකරන බවට ආරංචියක්..

පොහොට්ටු අපේක්ෂකයෙක් නෑ..ධම්මික පෙරේරා නම් නොකරන බවට ආරංචියක්..


අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර, සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව දැනුම්දෙයි.

අද ඔබට ලෞකික සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..

අද ඔබට ලෞකික සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.