පොහොට්ටු අපේක්ෂකයෙක් නෑ..ධම්මික පෙරේරා නම් නොකරන බවට ආරංචියක්..

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට එම පක්ෂයේ ඉහළ පෙලේ වැඩි නැඹුරුවක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණයේදී කැමති තීරණයක් ගැනීමට පක්‍ෂයේ මැති ඇමතිවරුන්ටත් සාමාජිකයන්ටත් ඉඩ ලබා දීමට කටයුතු කරන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අද ඔබට ලෞකික සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..

අද ඔබට ලෞකික සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..


ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු පොහොට්ටුව පොදුජන ඉදිරිපත් නොකරනු ඇති අතර, ඒ අනුව ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් අපේක්ෂකයෙකු නම් නොකරනු ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවන විට ඇති වී තිබෙන බරපතල බෙදීම වළක්වාලීම සඳහා මෙම පියවර සුදුසුම විසඳුමක් වශයෙන් සාකච්ඡාවෙමින් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේ.

කෙසේ වෙතත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පොදුජන පෙරමුණ වෙනම පක්ෂයක් ලෙස හෝ සන්ධානයක් ලෙස තරග කිරීමටද ඔවුන්ගේ අවධානය යොමුවී ඇත.

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..


කෙසේවුවත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එම පක්‍ෂයේ ස්ථාවරය එළඹෙන සඳුදා දිනයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.