කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්..

Report

තද වැසි සහ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට මෙන්න සතුටුදායක ආරංචියක්..

ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට මෙන්න සතුටුදායක ආරංචියක්..


කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70 දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට ද දැනුම් දී තිබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3ක් පමණ ඉහළ යෑමේ හැකිවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්..

කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්..


මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකිවක්ද පවතින බව පවසා සිටී.