ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට මෙන්න සතුටුදායක ආරංචියක්..

Report

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාව බලා යාමට වීසා බලපත්‍රය ලැබී තිබේ.

ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන පෙළේ පිතිකරු අමෙරිකාව බලා පිටත්ව ගොස් ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට මෙන්න සතුටුදායක ආරංචියක්.. | Sri Lanka Cricket Kusal Mandis

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි විය.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු මත වීසා බලපත්‍රය ප්‍රමාද වූ නමුත් ක්‍රිකට් ක්‍රීඩකයාට ඔහුගේ වීසා බලපත්‍රය ලැබීමත් සමඟ එය විසඳා ඇත.

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO)

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO)


එළැඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික සංචිතය මේ වන විට සූදානම් කර තිබේ.

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2024 ජූනි 01 දින ආරම්භ වන අතර එය ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් සම සත්කාරකත්වය දරනු ඇත.