මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.

Department of Meteorology Weather
By Wayomi Jun 26, 2024 08:39 AM GMT
Wayomi

Wayomi

Report

2024 ජුනි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

2024 ජුනි මස 26 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍ක්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

5000කින් 3000ක ලාභයක් ලබන මේ වැඩේට ඔබත් හසුවුණා ද? - CIDය මහා රෑ වැටලූ Online මුදල් ජාවාරම. - (PHOTOS)

5000කින් 3000ක ලාභයක් ලබන මේ වැඩේට ඔබත් හසුවුණා ද? - CIDය මහා රෑ වැටලූ Online මුදල් ජාවාරම. - (PHOTOS)


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය 2024 ජුනි මස 26 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"


වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

උසස් අධ්‍යාපන ලබන්න බලාගෙන ඉන්න ඔබට මෙන්න සුබ ආරංචියක්.

උසස් අධ්‍යාපන ලබන්න බලාගෙන ඉන්න ඔබට මෙන්න සුබ ආරංචියක්.


සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

හිතාගන්නවත් බැරි විදිහට ඇස් පිය ගහන සැනින් සිදු වූ දේ. - මාධ්‍ය වේදියෙකුගේ දුරකතනයක් ඇතාගේ මුඛයට දමයි .

හිතාගන්නවත් බැරි විදිහට ඇස් පිය ගහන සැනින් සිදු වූ දේ. - මාධ්‍ය වේදියෙකුගේ දුරකතනයක් ඇතාගේ මුඛයට දමයි .


මුහුදේ ස්වභාවය:

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).  


GalleryGallery