ජනවාරි පටන් ගත්ත ගමන්.. දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. හෙට කාලගුණයේ වෙන දෙය මෙන්න..
හෙට (04) දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.
එමෙන්ම, ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි.
You May Like This Video👇
.