අස්වැසුම නැති පවුල්වල දරුවන්ට රු.6,000 ලැබෙන්නෙ කොහොම ද?. රජය කීව දෙය මෙන්න..

Report

පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 ක දීමනාව ලබාදීමේ දී අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා එය ලබා දෙන ආකාරය ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සදහා සුදුසු දරුවන් තෝරා ගැනීම දිවයිනේ පාසල් වල විදුහල්පතිවරුන්ට පවරා තිබෙනවා.

එවැනි දරුවන් තෝරා ගැනීම පාසල් මට්ටමින් සිදු කරනු ලබයි.

නව වසර පටන් ගන්නකොටම.. රන් මිල පැන්න පිම්ම හිතාගන්න පුළුවන් ද?. මිල ගණන් මෙන්න..

නව වසර පටන් ගන්නකොටම.. රන් මිල පැන්න පිම්ම හිතාගන්න පුළුවන් ද?. මිල ගණන් මෙන්න..

2024 ගෙවිලා 2025 පටන් ගත්තා විතරයි.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

2024 ගෙවිලා 2025 පටන් ගත්තා විතරයි.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

ඒ අනුව මෙම සහනය ලැබිය යුතු දරුවන් සොයා බලා ලේඛන සකස් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ ය.

ඒ අනුව විදුහල්පතිවරු විසින් තෝරා ගන්නා සුදුසුකම් ඇති දරුවන්ගේ ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළ යුතු වේ.

ඉන් පසුව එම දරුවන්ට ද රුපියල් 6,000 දීමනාව ලබාදෙනු ඇත.

කෙසේ වෙතත්, එහිදී හිමි වන්නේ වවුචර් පතක් ද, නැතහොත් ගිණුමකට මුදල් බැර වන්නේ ද යන්න මුදල් අමාත්‍යංශය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

ඒ බව වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා කියා සිටියේ ය.

You May Like This Video👇 

.