දිවයින පුරා අද විවිධ ප්‍රදේශ කාලගුණයෙන් කැළඹෙයි..එම ප්‍රදේශ මෙන්න.

Western Province Southern Province TN Weather Weather
By Aruna Dec 29, 2024 12:46 AM GMT
Aruna

Aruna

Report

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

2024 වසර අවසන් ඉරුදින ලග්න කිහිපයකට සුබ ආරංචියක්..හැබැයි මේ ලග්න වල අය විමසිල්ලෙන් ඉන්න.

2024 වසර අවසන් ඉරුදින ලග්න කිහිපයකට සුබ ආරංචියක්..හැබැයි මේ ලග්න වල අය විමසිල්ලෙන් ඉන්න.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා ඉහළ යා හැක.  

උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නව රජයේ තීරණය මෙන්න..

උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නව රජයේ තීරණය මෙන්න..


කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video  


ReeCha