උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නව රජයේ තීරණය මෙන්න..

Report

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වූවකැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.

රුසියාවට ඇමරිකාවෙන් රතු එළියක්..

රුසියාවට ඇමරිකාවෙන් රතු එළියක්..


වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ සහායද ලැබී ඇති හෙයින් ඔවුන් අමනාප කරගැනීම ඉදිරි මැතිවරණවලට බලපෑ හැකිය යන නිගමනය මීට හේතු වී ඇති බවටයි රජයේ පාර්ශ්වයෙන්ම චෝදනා කර සිටින්නේ.

මේ කරුණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ගෙන් විමසූ විට ඔහු මෙසේ කර සිටියා.

“මේ චක්‍රලේඛය අලුත් එකක් නොවේ. දැනටමත් මධ්‍යම, උතුරු මැද, සබරගමුව හා දකුණ යනා දී පළාත්වල ක්‍රියාත්මක වෙනවා.

තමන් පාසලේ උගන්වන දරුවන් ටියුෂන් පන්තියට නොපැමිණීම නිසා සිසුන්ට හිරිහැර කළ ගුරුවරුන්ට දඬුවම් දී තිබෙනවා.

ටියුෂන් මාෆියාව අපේ රටේ අධ්‍යාපනයට තර්ජනයක්. උසස් පෙළ විභාග කල් දැමීම පිටුපස ඉන්නෙත් ටියුෂන් මාෆියාවයි. ටියුෂන් නැතිව විභාග සමත් විය නොහැකිය යන භීතිය දෙමව්පිය සිත්වලට කාවද්දලා.

මිනිසා විසින් නිපදවු යානයක් සූර්යයාට සමීපතමව ලඟාවෙයි..අභිරහස් තොරතුරු රැසක් එළියට එයි.

මිනිසා විසින් නිපදවු යානයක් සූර්යයාට සමීපතමව ලඟාවෙයි..අභිරහස් තොරතුරු රැසක් එළියට එයි.


ඒ නිසා රජය මෙය කැල්ලෙන් කෑල්ල ක්‍රියාත්මක නොකර පොදු තීන්දුවක් ගත යුතුයි.” ලංකා ගුරු සංගමයේ විධායක සහිත අශෝක චන්ද්‍රසේකර ප්‍රකාශ කරන්නේ රටපුරා ඇති සියලු ටියුෂන් පන්ති නියාමනයකට ලක් කළ යුතු බවය.

හොඳ ගුරුවරයෙකු කිසි දිනෙක පාසලෙහිදී තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන් තම ටියුෂන් පන්තියට ගෙන්වා නොගන්නා බවද ඔහු කීවේය.

You May Like This Video