ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Oct 24, 2024 01:34 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අද පාසල් නිවාඩුවක් ගැන ආරංචියක්..හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..

අද පාසල් නිවාඩුවක් ගැන ආරංචියක්..හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..


දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

මේ අනුව, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.