දිවයින පුරා අද සිට වැසි තත්ත්වයේ වෙනසක්..මේ ගැන අවධානයෙන් ඉන්න.

Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 09, 2024 01:57 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සදහන් වන්නේ.

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණයකට සිදු වූ දේ..

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණයකට සිදු වූ දේ..


ඉන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.

මීට අමතරව ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දන්වා තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි දැනුම්දී ඇත්තේ.

මාලිමා රැස්වීමකින් පසුව විශ්‍රාමික හමුදා සෙබළෙක් රනිල්,සජිත් සහ නාමල්ගෙ පාක්ෂිකයින්ට රතු එළි දල්වයි..

මාලිමා රැස්වීමකින් පසුව විශ්‍රාමික හමුදා සෙබළෙක් රනිල්,සජිත් සහ නාමල්ගෙ පාක්ෂිකයින්ට රතු එළි දල්වයි..


එමෙන්ම එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.