වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණයකට සිදු වූ දේ..

Report

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලබා දී තිබෙන පහසුකම අත්හිටුවීමට ගත් තීරණය පැය විසි හතරකින් ඉවත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදු වී තිබෙනවා.

දේශීය හා විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම ඔක්තෝබර් මස පළමු වැනිදා සිට අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර තමන් යටතේ ඇති ආයතනවලට දැනුම් දුන්නේ පසුගිය 5 වැනිදා යි.

මාලිමා රැස්වීමකින් පසුව විශ්‍රාමික හමුදා සෙබළෙක් රනිල්,සජිත් සහ නාමල්ගෙ පාක්ෂිකයින්ට රතු එළි දල්වයි..

මාලිමා රැස්වීමකින් පසුව විශ්‍රාමික හමුදා සෙබළෙක් රනිල්,සජිත් සහ නාමල්ගෙ පාක්ෂිකයින්ට රතු එළි දල්වයි..


එහෙත්එම තීරණය ක්‍රියාත්මක නොකරන බවයි ඉන් පසු දින (06 වැනිදා) ලේකම්වරිය යළිත් දැනුම් දුන්නේ.

විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ද අදාළ වූ ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ දේශීය හා විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු තවදුරටත් ලබා දීමෙන් ආයතනවල කාර්යයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සහගත තත්ත්වය සැළකිල්ලට ගනිමින්ය.

ලග්න කිහිපයකට අද මූල්‍ය අතින් ඉතාමත් යහපත් දිනයක්..හදිසි ධන ලාභ හිමිවේ.

ලග්න කිහිපයකට අද මූල්‍ය අතින් ඉතාමත් යහපත් දිනයක්..හදිසි ධන ලාභ හිමිවේ.


කලින් තීරණය ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙමින් ලේකම්වරිය සඳහන් කර ඇත්තේ උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය මත එම පියවර ගත් බවයි.