දිවයින පුරා අද ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න.

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 01, 2024 01:09 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.


නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දන්වා ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සමගි ජන බලවේගයේ රැස්වීමක උණුසුම් තත්ත්වයක්..නායක හිමිනමකට බැණවදියි(PHOTOS)

සමගි ජන බලවේගයේ රැස්වීමක උණුසුම් තත්ත්වයක්..නායක හිමිනමකට බැණවදියි(PHOTOS)


මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද දන්වා ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, අද දින (01) දහවල් 12:10 ට හබරන, හිගුරක්ගොඩ, ඉපලෝගම සහ තබ්බෝව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි.