අද නිවසින් බැහැරව එළියට යන අය මේ ගැන දැඩි අවධානයෙන් යන්න.නැතිනම් අමාරුවෙ වැටෙයි.

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Aug 31, 2024 01:29 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළියසහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..


උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන්වේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද ලග්න කිහිපයකට අමතර ධන ලාභ හිමිවේ..තවත් ලග්න වලට වැයපස ඉහලට..මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගත් මතුවේ.

අද ලග්න කිහිපයකට අමතර ධන ලාභ හිමිවේ..තවත් ලග්න වලට වැයපස ඉහලට..මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගත් මතුවේ.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ, අද දින (31) දහවල් 12:10 ට රඹෑව, තෝපූර් සහ මහවිලච්චිය ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි.