නවතම කාලගුණ අනාවැකියක් නිකුත් වෙයි..අද දිවයින පුරා වැස්ස සහ සුළඟ ගැන දැනුම්දීමක්..

Report

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව දැනුම්දී තිබෙනවා.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද අදාල වාර්තාවේ සඳහන්වේ.

ඉදිරි ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගැන නවතම බුද්ධි තොරතුරක් එළියට..

ඉදිරි ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගැන නවතම බුද්ධි තොරතුරක් එළියට..


දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා ඇත.

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..