දිවයින පුරා වැසි තත්ත්වය වෙනස් වෙයි..කාලගුණයෙන් දැනුම්දීමක්..

Report

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හයේ පහරවල් 18ක් එල්ල කළ යෝධයා.. ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව තැබූ හැටි මෙන්න..

හයේ පහරවල් 18ක් එල්ල කළ යෝධයා.. ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව තැබූ හැටි මෙන්න..


ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

අද ඔබේ ලෞකික සැප සම්පත් අතින් ඉතාමත් යහපත් දිනයක්..ලග්න 03ක අය කල්පනාකාරීව වැඩ කරන්න..

අද ඔබේ ලෞකික සැප සම්පත් අතින් ඉතාමත් යහපත් දිනයක්..ලග්න 03ක අය කල්පනාකාරීව වැඩ කරන්න..