හයේ පහරවල් 18ක් එල්ල කළ යෝධයා.. ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව තැබූ හැටි මෙන්න..
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව ඊයේ (17) දිනයේ එස්තෝනියානු ක්‍රීඩක Sahil Chauhan විසින් නැවත වරක් අලුත් කරනු ලැබුවේ වාර්තාපිට වාර්තා තබමින්.
ඔහු මෙම ලෝක වාර්තාව තැබුවේ පන්දු 27කින් වීම ද විශේෂත්වයක්.
ඔහු විසින් බිඳහෙලනු ලැබුවේ මෙම වසරේදීම නැමීබියානු ක්‍රීඩකයෙකු වූ Nicol Loftie-Eaton විසින් පන්දු 33කින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවක්.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකල Chauhan, පන්දු 41කට මුහුණදෙමින් හයේ පහර 18ක් හා හතරේ පහර 06ක් සමගින් නොදැවී ලකුණු 144ක් රැස්කළේ ප්‍රේක්ෂකයින් පුදුමයට පත්කරමින්.
ඔහුගේ මෙම හයේ පහර 18 ද වාර්තා පොත් අතරට ගියේ, පිරිමි T20 ඉනිමකදී ලබා ගත් වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව සනිටුහන් කරමින්.
