අද සිට වැසි තත්ත්වයේ සිදු වන වෙනස ගැන දැනුම්දීමක්..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jun 11, 2024 01:15 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..


ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

සිංහ,ධනු ,මකර සහ කුම්භ යන ලග්නයන්ට අද රතු එළියක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..

සිංහ,ධනු ,මකර සහ කුම්භ යන ලග්නයන්ට අද රතු එළියක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%