අද සවස 2.00න් පසු එළියට යන අය සූදානමින් යන්න..මේ ප්‍රදේශ වල අයට විශේෂයි..

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, දිවයිනේ බොහෝ පළාත්වල අද (12) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

තවද බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇති වන බව දන්වා තිබේ.

මෙරට රාජ්‍ය නිලධාරීන්ට දින 15කට රට යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..අදම දැනුවත් වන්න..

මෙරට රාජ්‍ය නිලධාරීන්ට දින 15කට රට යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..අදම දැනුවත් වන්න..


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.