හෙට උදේන්ම එළියට බහින්න කළින් මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. වෙන දේ ගැන කලින් දැනුම්දීමක් මෙන්න..
හෙට (15) දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය, දකුණු පළාතේ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇති වේ.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, ඊයේ (14) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්ත්වය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝටන් ප්‍රදේශයෙන් වාර්තා විය.
ඒ මිලි මීටර් 113ක වර්ෂාපතනයක් ය.
එමෙන්ම, කැනියන් සහ ලක්ෂපාන ජල විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශවලින් ද මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් වාර්තා විය.
තව ද, අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර සහ කැනියොන් ජලාශ වාන් දොරටු විවෘත කර ඇතැයි ජලාශ බාර ඉංජිනේරුවන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළේ ය.
 
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        