අද රෑ වෙන දෙය.. පරිස්සමෙන්.. කාලගුණයෙන් කළ නවතම නිවේදනය මෙන්න..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (13) පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත් වල ඇතැම් ප්‍රදේශවල මිලීමීටර 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර 45 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.