නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ දී ජන හමුවක් පවත්වා තිබෙනවා.
එයට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන් වේ.
හම්බන්තොට පොලිසිය පැවසුවේ එම ගල් ප්‍රහාරයෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බවයි.
ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචිව සිටින දරුවෙක් බව සඳහන් වේ.
මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබුණි.
එම පුවත සැලවීමත් සමග ඔවුන් පැමිණ නොමැත.
එහිදී තුවාල ලැබූ දරුවාගේ සුවදුක් බැලීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රෝහලට ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇතැයි ද පොලිසිය සඳහන් කර තිබෙනවා.