අද දවස තීරණාත්මකයි?. දිවයින පුරා ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani May 06, 2024 01:42 AM GMT
krishani

krishani

Report

අද (06) දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය "දැඩි අවධානය" යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇත.

අද දවස තීරණාත්මකයි?. දිවයින පුරා ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 06Th May 2024

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා කියා සිටියේ ය.

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණය..(PHOTO)

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණය..(PHOTO)


මේ අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

තව ද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%