අද දවසේ කාලගුණ තත්ත්වය මෙන්න මෙහෙමයි..

By Piyumika Feb 19, 2025 01:35 AM GMT
Report

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ඇති හිටපු අමාත්‍යවරයකුට එරෙහිව අධි චෝදනා...

"දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ඇති හිටපු අමාත්‍යවරයකුට එරෙහිව අධි චෝදනා...

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති විය හැකි බවට ජල සම්පාදනයෙන් දැනුම්දීමක්...

අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති විය හැකි බවට ජල සම්පාදනයෙන් දැනුම්දීමක්...

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.  

You may like this video