"දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ඇති හිටපු අමාත්‍යවරයකුට එරෙහිව අධි චෝදනා...

Report

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදුවුණා.

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න...

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න...

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න ඉදිරියේ භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

අනේ දෙවියනේ මේ වයසට මෙහෙම හිතක් කොහොම හැදුනද...

අනේ දෙවියනේ මේ වයසට මෙහෙම හිතක් කොහොම හැදුනද...

2013 වසරේ සැප්තැම්බර් මස 21 ඔක්තෝබර් මස 24 වැනිදා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කළ යැයි චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනන්නේ.

You may like this video