අද දවසේ කාලගුණ තත්ත්වය ගැන ඔබ දැනුවත්ද..දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසිබර කාලගුණයක්..

By Piyumika Jan 07, 2025 01:31 AM GMT
Report

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්...මේ තොරතුරු වලට ගැලපෙන අයෙක් දුටුවොත් වහාම මේ අංක වලට අමතන්න..

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්...මේ තොරතුරු වලට ගැලපෙන අයෙක් දුටුවොත් වහාම මේ අංක වලට අමතන්න..

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

You may like this video