16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්...මේ තොරතුරු වලට ගැලපෙන අයෙක් දුටුවොත් වහාම මේ අංක වලට අමතන්න..

Report

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇටම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය ජනවාරි 3 වනදා සිට අතුරුදන්ව ඇති බවය.

අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ව්‍යාපාරිකයාට ලබා දුන් අධිකරණ නියෝගය..

අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ව්‍යාපාරිකයාට ලබා දුන් අධිකරණ නියෝගය..

දැරියගේ මව විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අතුරුදන් වූ දැරිය උඩ අඩි 5යි අඟල් 2ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත අයෙකි.

ඇය අවසන් වරට ළා කොළ පැහැයට හුරු දිග ගවුමක් ඇඳ මිට ඇති අතර, වම් අතෙහි වැලමිට ආසන්නයේ සුළු කැපුම් තුවාලයක් දක්නට ලැබේ.

අනේ කොහොම මේ දුක වාවන්නද..ඇසිල්ලකින් සුරතල් දඟයෙකුට ජීවිතය අහිමි වූ ඛේදවාචකය..

අනේ කොහොම මේ දුක වාවන්නද..ඇසිල්ලකින් සුරතල් දඟයෙකුට ජීවිතය අහිමි වූ ඛේදවාචකය..

අතුරුදන් වු අදාළ දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය පවසයි.

ස්ථානාධිපති - ඇටම්පිටිය - 0718591528

පොලිස් ස්ථානය ඇටම්පිටිය - 0552295466

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්...මේ තොරතුරු වලට ගැලපෙන අයෙක් දුටුවොත් වහාම මේ අංක වලට අමතන්න.. | Another Schoolgirl Goes Missing

You may like this video