සියලුම ලාංකිකයන්ට අති විශේෂ දැනුම්දීමක් - ඉදිරි පැය 24 වෙන අවදානම් දෙයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

Report

දිවයින පුරා පවතින අයහපත් සහ චණ්ඩ මාරුත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස සහ ගොඩනැඟිලිවල වහලවල ඇති තහඩු මෙන්ම උළු ආදිය අධික සුළඟට ගැලවී යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම දරුණු කාලගුණික බලපෑම හේතුවෙන් මාර්ග දෙපස ඇති පොදු විදුලි සහ දුරකථන රැහැන් පද්ධතිවලට මෙන්ම කුළුණු සඳහා බරපතළ හානි සිදුවිය හැකි අතර, මහා මාර්ග අසල ඇති විශාල ගස්වල අතු කැඩී යාම මෙන්ම විශාල ගස් මුලින්ම ගැලවී මාර්ග මතට කඩාවැටීමේ දැඩි අවදානමක් ද පවතී.

මීට අමතරව කෘෂිකාර්මික අංශයේ වත්මන් වී වගා බිම්වලට මෙන්ම ගොවීන් වගා කර ඇති කෙසෙල් සහ පැපොල් වැනි බහු වාර්ෂික පළතුරු වගාවන් සඳහා ද මේ හේතුවෙන් විශාල වශයෙන් හානි සිදුවිය හැකිය.

මේ හේතුවෙන් සාමාන්‍ය මහජනතාව වහලවල ඇති තහඩු සහ උළු ආදිය අධික සුළඟට ගැලවී යාමෙන් තමන්ට සිදුවිය හැකි අනතුරු සහ හානිවලින් කල්තියා ආරක්ෂා වීමට පියවර ගත යුතුය.

තවද මහමඟ ගමන් කිරීමේදී කඩාවැටෙන විශාල ගස්වලින් සහ අනතුරුදායක විදුලි රැහැන්වලින් උපරිම ලෙස ආරක්ෂා වීමට වගබලා ගත යුතු බව ද එහි සඳහන් වෙයි.

උතුරු මුහුද රළු වෙයි- ධීවරයින්ට සහ නාවිකයින්ට රතු නිවේදනයක්

උතුරු මුහුද රළු වෙයි- ධීවරයින්ට සහ නාවිකයින්ට රතු නිවේදනයක්

ඉදිරියේදී දිස්ත්‍රික්ක කිහිපයක ඇතිවිය හැකි මෙම අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, යම් හදිසි ආපදා තත්ත්වයකදී වහාම ක්‍රියාත්මක වී තමන්ගේ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සෘජු සහය සහ උපකාර පතන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් වරින් වර නිකුත් කරනු ලබන ඉදිරි සියලුම නිල කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තරයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සමස්ත රටවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනු ලැබේ.

land_pdf (1) by madhushani

සමාජ මාධ්‍ය හොල්ලපු ගල්කිස්ස වධහිංසා කතාවේ ඇත්ත පැත්ත පොලීසියම කියයි

සමාජ මාධ්‍ය හොල්ලපු ගල්කිස්ස වධහිංසා කතාවේ ඇත්ත පැත්ත පොලීසියම කියයි