තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Report

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වන්දනාකරුවන් රැගත් බස් රථයක් ගිනිගෙන දැවේ

වන්දනාකරුවන් රැගත් බස් රථයක් ගිනිගෙන දැවේ

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.

නීතිපතිත් දන්නේ නැහැ - රනිල්ගේ ලන්ඩන් ගමන හොයන්න CID නිලධාරීන් ලන්ඩනයට

නීතිපතිත් දන්නේ නැහැ - රනිල්ගේ ලන්ඩන් ගමන හොයන්න CID නිලධාරීන් ලන්ඩනයට