හෙට දවසේ කාලගුණ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් හෙට (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ප්‍රකාශ කරයි.

ඒ අනුව සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩකඩ තිබේ.

එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) දහවල් 2ට නිකුත්කළ මෙම කාලගුණ අනාවැකිය අනුව හෙට ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිසියෙන් විශේෂ මෙහෙයුමක් - සැකකරුවන් රැසක් අත්අඩංගුවට

පොලිසියෙන් විශේෂ මෙහෙයුමක් - සැකකරුවන් රැසක් අත්අඩංගුවට