සුදු හෝ ලා පාට ඇඳුම් අඳින්න... වතුර බොන්න...

Report

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අවධානය යොමුකල යුතු උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා මෙම උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ ඇති බවය.'

සෙනසුරු මාරුව ඔබට සුබද? මෙන්න සම්පුර්ණ විස්තරේ

සෙනසුරු මාරුව ඔබට සුබද? මෙන්න සම්පුර්ණ විස්තරේ

ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉතිහාසයට එක්වුණු පළමු ලාංකික යූටියූබ් නාලිකාව මෙන්න!

ඉතිහාසයට එක්වුණු පළමු ලාංකික යූටියූබ් නාලිකාව මෙන්න!

තවද වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් දන්වා ඇති අතර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.