දවසේ රාජකාරිය අවසන් කරන්න කියලා කරපු දෙයින් රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියාගේ ජීවිතය අවසන් වේ..
By Piyumika
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක ඊයේ(08) සවස ආරක්ෂක නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද සුසිරිගම අංක 113 ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියෙකු වන 53 වියති ඩබ්ලිව්.ඩී.ජී. අනුර විජේසිංහ යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කළා.
ඔහු රාජකාරිය අවසන් කිරීම සඳහා රිපිටර් වර්ගයේ ගිනි අවියේ සිර වී තිබු පතුරමක් ඉවත් කිරීම සඳහා බට කොටස බිම ගසා තිබෙන අතර එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී ආරක්ෂකයාගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
සිද්ධිය පිළිබඳ වැලිකන්ද පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.