බය වෙන්න එපා අපි වැඩේ කරලා තියෙන්නේ තව ටික දවසකින් ලංකාව උඩටම යනවා - සුනිල්

Report

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කෙටි කාලයක් තුළ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට හැකිවන බව ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා ඇත්තේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන බැංකුව(RDB) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක වෙළඳ ප්‍රදර්ශනයට එක් වෙමින්.

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

මෙම ව්‍යවසායකත්ව වෙළඳ ප්‍රදර්ශනය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට වසර 40 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබෙනවා.

එසේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් රට පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් පහළොස් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා තම කර්මාන්ත ශක්තිමත් කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 170 ක පිරිසක් මෙම ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය සමඟ එක්ව සිටි බව සඳහන්.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ රජයෙන් මෙතෙක් කර්මාන්තකරුවන් මුහුණ දෙමින් සිටි අමුද්‍රව්‍ය, ඉඩම්, තාක්ෂණය, වෙළඳපළ ඇතුළු ගැටලු රැසක් විසඳීමට කටයුතු කර තිබෙන බවයි.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී පාසල් විෂය නිර්දේශය තුළට ව්‍යවසායකත්වය ඇතුළත්කර අනාගත දරු පරපුර ව්‍යවසායකින් බවට පත්කිරීමේ මූලික අඩිතාලම ද දැනටමත් දමා ඇති බව ද කියා ඇත.

එනිසා ඉතා ඉක්මනින්ම මෙරටට ගෝලීය දර්ශකවල ඉහළින් පැවතීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කරයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල